Friday, January 31, 2014

සිව් පහර පෙට්‍රල් එන්ජිම  
ක්‍රියාකාරිත්වය 
සිව් පහර පෙට්‍රල් එන්ජිමක මුඋලික කොටස් වන්නේ මුදුනේ කව්ළු 2ක් සහිත සිලින්ඩරයක් එම කව්ළු අරිය සහ වාසිය හැකි ලෙස යෙදු වැල්ව 2ක්, සිලින්ඩරය තුල ඉහලට සහ පහලට ගමන් කල හැකි ලෙස සකස් කර ඇති පිස්ටනයක්, දගර කදක්, හා පිස්ටනය දගර කදට සම්බන්ද කරන පිස්ටන් අතත්ය. 
       පිස්ටනය ඉහල පහල යන විට පිස්ටන් අත මගින් දගර කද කරකැවීමට භාජනය කරයි. සිලින්ඩරය උඩ ඇති වැල්ව 2න් එකක් චුෂණ වෑල්වය ලෙසද අනෙක පිටාර වෑල්වය ලෙසද හැදින්වේ. සිලින්ඩරය තුල පිෂ්ටනය තුල ගමන් කරන ඉහල සිමාව මුදුන් සිමාව ලෙසද පිෂ්ටනය ගමන් කරන පහල සිමාව යටි සිමාව ලෙසද හැදින්වේ. 
මුදුන් සිමාව - TDC- (top dead center)
යටි සිමාව - BDC- (bottom dead center)





මුදුන් සීමාවට ඉහලින් ඇති සිලින්ඩරයේ ඉතිරි ඉඩ ප්‍රමාණය දහන කුටීර පරිමාව ලෙසද හැදින්වේ. මුදුන් සිමවත් යටි සිමවත් අතර පිෂ්ටනයේ චලිතය පහරක් ලෙස නම් කෙරේ. සිව් පහර චක්‍රය අනුව ක්‍රියා කරන එන්ජිමක එක් චක්‍රයක් සම්පුර්ණ කිරීම සදහා පහරවල් 4ක් සම්පුර්ණ කල යුතුය. එම පහරවල් චුෂණ,සම්පීඩන, බල හා පිටාර ලෙස හැදින්වේ. 









චුෂණ පහර 
මෙම පහරේදී පිෂ්ටනය මුදුන් සිමාවේ සිට යටි සීමාවට චලිත වේ. චුෂණ වැල්වය ඇරී ඇති අතර පිටාර වෑල්වය වැසි පවතී. පිෂ්ටනය පහලට චලනය වන විට පිෂ්ටනය තුල රික්තකයක් ඇතිවේ. මේ නිසා චුෂණ වෑල්වය තුලින් පෙට්‍රල් හා වාතය මිශ්‍රණයක් ලෙස සිලින්ඩරය තුලට ඇදී එයි. පිෂ්ටනය යටි සීමාවට පැමිණෙන විට සිලින්ඩරය වාත මිශ්‍රණයෙන් පිරි පවතී. 
සම්පීඩන පහර
යටි සීමාවට පැමිණෙන පිෂ්ටනය නැවතත් ඉහලට චලිත වීමට පටන් ගනී. මෙවිට පීටර වෑල්වය තව දුරටත් වැසි පවතින අතර චුෂණ වෑල්වය ඩ වැසි යයි. සිලින්ඩරය තුල ඇති පෙට්‍රල් මිශ්‍රණය පිෂ්ටනය මගින් සම්පීඩනය කරනු ලැබේ. පිස්ටනය මුදුන් සුමවට පැමිණෙන විට එම මිශ්‍රණය දහන කුටීර පරිමාව තුලට තෙරපෙ. සාමාන්‍ය පෙට්‍රල් එන්ජිමක සම්පීඩන පහර අවසානයේදී උෂ්ණත්වය 400c වේ.
.

No comments:

Post a Comment