වාහනය පිළිබදව මුල් අදහස් ඉදිරිපත් කිරිමෙ ගෟරවය ඵක් තැනැත්තෙකට පමණක් සීමා දීමට නොහැකිය. බටහිර රටවල් කිහිපයකට විද්‍යායින් හා නිෂ්පාදකයන් ගණනාවක් විසින් ඵක් ඵක් කාල වලදී කරන ලද පරීක්ෂන වල ප්‍රත්ඵලයක් සෙ මෙය බිහි විය.
- පුරා විද්‍යාත්මක කැණීම් මගින් සොයා ගෙන ඇති පැරණිතම බෝට්ටුව දැනට අවුරැදු 7000 - 9000 ත් අතර දුරකට විහිදේ,[2][3][4][5]
- අව්රුදු 7000ක් පමණ පැරණි මුහුදු යා හැකි, පන් සහ තාර යොදා සැකසු බෝට්ටු විශේෂයක් කුවේට් වලින් සොයා ගෙන ඇත.[6]
- ක්‍රි.පූ. 4000-3000 අතර ඔටුවාන් මගින් ඇද්දවු වාහන පිළිබදවද සාක්ෂි ලැබී ඇත..[8]
- ඉන් පසුව දුම්රිය ගමනාගමනය ආරම්භ කරන ලදි.
- 2010 දී මං මාවත් තුල ධාවනය කරන මෝටර් රථ ප්‍රමාණය බිලියනයක් ඉක්මවා ඇත. දළ වශයෙන් සැලකූ විට එය මිනිසුන් සත් දෙනෙකුට එක් වාහනයක් බැගිනි.[11]
වඩාත් ඡනප්‍රිය වාහන
බිලියනයකටත් අධික පා පැදි සංඛ්‍යාවක් ලෝකය පුරා භාවිත කෙරේ.
[12]
වර්ෂ 2002 දී සිදු කළ ගණනය කිරීමකට අදාලව ලොව පුරා මිලියන 590ට අධක මෝටර්
රථ ප්‍රමාණයක් හා මිලියන 205ට අධික යතුරු පැදි සංඛ්‍යාවක් ඇත.
[13][14] අතීතයේ සිට වඩාත් ජනප්‍රිය වාහනය වූයේ චීනයේ නිෂ්පාදිත
Flying Pigeon නම් පා පැදියයි. එය මිලියන 500ට අධික සංඛ්‍යාවක් ඇනවුම් කර ඇත.
[15] Honda Super Cub ජනප්‍රියතම යතුරු පැදි වර්ගයි. 2008 වන විට එය මිලියන 60ට අධික සංඛ්‍යාවක් අලෙවි වී ඇත.
[16][17] අතීතයේ සිට බලන විට වැඩියෙන්ම අලෙවි වූ මෝටර් රථය වන්නේ
Toyota Corolla, මිලියන 35ට අධික ප්‍රමාණයක් නිෂ්පාදවය කර ඇත.
[18][19]
සංචරනය
මුල් කාලයේදී සංචරනය සාක්ෂාත් කරගෙන තිබෙන්නේ තවත් වාහනයක් මගින් හෝ තවත් සත්ත්වයෙකු මගින් ශක්තිය ලබා ගැනීමෙනි.
දෙමුහුම් වාහන වල බොහෝ සංකීර්ණ ව්‍යුහයක් ඇත.
ශක්ති මූලාශ්‍ර
වාහනයක් පදවාගෙන යාමට ශක්තිය අවශ්‍ය වේ. ශක්තිය ලබා ගන්නේ අවට
පරිසරයෙනි. ශක්තිය ඕනෑම ආකාරයකට ගබඩා කිරීමට හෝ පරිවර්තනය කර භාවිතා කිරීමට
හැකිය.
ඉතාමත් සුලභ ශක්ති ප්‍රභවය වන්නේ ඉන්ධනයි. බාහිර දාහක එන්ජිමට ඕනෑම
ද්‍රව්‍යක් එන්ධන ලෙස භාවිතා කළ හැකි නමුත් අභ්‍යන්තර දාහක එන්ජිමට
විශේෂිත වු ඉන්ධන වර්ගයක්,
ඩීසල් හෝ
එතනෝල් භාවිත කළ යුතුවේ.
තවත් සුලභ ශක්ති ප්‍රභවයක් වන්නේ
විද්‍යුත් කෝෂ
වේ. විද්‍යුත් කෝෂ වල වාසි වන්නේ ඒවා පුඵල් පරාසයක ශක්ති මට්ටම් වල
පැවතීම, පරිසර හිතකාමී වීම, කාර්යක්ෂමතාව, සවි කිරීමට පහසු සහ නඩත්තු
කිරීමට පහසු වීමයි.
[20]
විද්‍යුත් කෝෂ, විදුලි මෝටර භාවිතා කිරීමට පහසුකම් සලසා දෙයි. අනෙක් අතට
විද්‍යුත් කෝෂ වල ශක්ති ඝනත්වය අඩුය. ඉහළ උෂ්ණත්වයකදී අඩු
ක්‍රියාක්රීත්වයක් පෙන්නුම් කරයි. තවද ආරෝපණය කිරීමට වැඩි වේලාවක් ගතවේ.
මේවා විද්‍යුත් කෝෂ භාවිතයේ ඇති අවාසි වේ.
තවද ශක්ති ප්‍රභව වශයෙන්
සූර්ය්‍ය ශක්තිය,
න්‍යශ්ටික ශක්තිය,
සුළං බලය,
විභව ශක්තිය,
මිනිස් ශක්තිය භාවිතා කෙරේ.
මෝටර සහ එන්ඡිම
අවශ්‍ය වූ විට ශක්තිය අදාළ ප්‍රභවයෙන් ලබා ගෙන මේටර් හේ ඒන්ජින් ක්‍රියා
කරනු ලබයි. සමහර අවස්ථාවන් වලදී බැටරි වැනි අතරමැදි මාධ්‍යයන්ද භාවිත
කෙරෙ.
[21]
බහුතරයක් මෝටර් රථ වල ඇත්තේ අභ්‍යන්තර දහන එන්ජින්ය. ඒවා මිල අධික වුවද,
භාවිතයට හා නඩත්තු කිරීමට පහසුය. තවද කුඩා, ආරක්ෂිත සහ විශ්වාසදායකය. කෙසේ
වෙතත් බාහිර දහන එන්ජින් පරිසර දූෂණයට විශාල දායකත්වයක් දක්වයි. උදාහරණයක්
ලෙස වාෂ්ප එන්ජින් සැලකිය හැකිය. මෙය ක්‍රියායරවීමට ගල් අගුරු මෙන්ම ජලයද
අවශ්‍ය වේ. ගල් අගුරු දහනය කිරීමෙන් පිටවන
සල්ෆර් වාතයට එකතු වීමෙන් විශාල වශයෙන් පරිසර දූෂණය වේ. එය
අම්ල වැසි ඇති කිරීමටද හේතු වේ.
[22]
රොකට් එන්ජින් මූලිකවම යොදා ගනු ලබන්නේ රොකට් සදහාය. මෙම එන්ජින් ඉතාම ජව සම්පන්නය. පෘථිවියෙන් ගමන් ගන්නා බර අධිකම වාහනය වන
Saturn V රොකට් යානය බල ගැන්වෙන්නේ
F-1_(rocket engine) 5ක් මගිනි. මෙමගින් අශ්ව බල මිලියන 180ක බලයක් නිපදවේ.(මෙ. වො. 134226)
[23] (134,226 megawatt). රොකට් එන්ජින් වහා ගිණි ඇවිලෙන සුළු හා භයානකය. ඒ සඳහා භාවිත කරන ඉන්ධනද විෂ සහිත හා වහා ගිණි ඇවිලෙන සුළුය.
මෝටර් රථ
විද්‍යුත් බයිසිකල්, කුඩා බෝට්ටු, දුම්රිය යනාදියෙහි යනාදියෙහි විද්‍යුත් මෝටර් භාවිතා කෙරේ. සාමාන්‍යයෙන් විද්‍යුත් මෝටර් 90%ට වඩා කාර්යක්ෂම වේ.
[24] ජවසම්පන්න, විශ්වාසවන්ත හා නඩත්තු පිරිවැය අඩු වන පරිදි විද්‍යුත් මෝටර් නිපදවිය හැක.මෙම වර්ගයේ මෝටර් වල භාවිතය ඉතා අඩුය.
[තහවුරු කරන්න]
වාෂ්ප මෝටර් ද සමහර වාහන වල අත්හදාබැලීම් වශයෙන් යොදා ගනී.ඒවා සරල,
ආරක්ෂිත මෙන්ම කාර්යක්ෂමද වේ. නමුත් මෙම වර්ගයේ මෝටර සිසිලනය කිරීමේදි යම්
අපහසුතා වලට මුහුණ දීමට සිදුවේ.
ඝර්ෂණය
එන්ජිමට ලබාදෙන හක්තිය, සියළුම හෝ ආසන්න වශයෙන් වැය වන්නේ ඝර්ෂණය සඳහාය. මෙම නිසා ඝර්ෂණ බල අඩු කිරීම ඉතාමත් වැදගත්වේ.
[තහවුරු කරන්න]
පාලනය
හැසිරවීම
සෑම වාහනයකටම අවම වශයෙන් හැසිරවීමේ එක් ආකාරයක් වත් පවතී. රෝද ඇති වාහන හසුරවනු ලබන්නේ ඉදිරිපස හෝ පසුපස
[25] රෝද හැරවීමෙනි.
FlyiB-52 Stratofortress හි ප්‍රධාන රෝද 4ම හැරවිය හැක.
[26] හැසිරවීම සඳහා දඬු භාවිතා කිරීමටද හැකියාවක් ඇත. නැව්, බෝට්ටු, සබ්මැරීන් සහ ගුවන් යානා වල සාමාන්‍යයෙන්
අවරපෙති භාවිතා නෙරේ.
නැවතුම්
ශක්තිය නැති විට සෑම වාහනයක්ම
ඝර්ෂනය
හේතුවෙන් නවතී. සෑම වාහනයකටම තිරිංග පද්ධතියක් පවතී. මෝටර් වාහන සඳහා
ඝර්ෂනය උපයෝගී කර ගත් තිරිංග පද්ධතියක් පවතී.තිරිංග හැඩලය හා භ්‍රකය අතර
ඝර්ෂනය ඇති වීමෙන් වාහනයේ වේගය අඩුවේ. බොහෝ ගුවන් යානා ගොඩ බැස්වීමට භාවිතා
කරනා රෝද වලද මෙවැනිම තිරිංග පදුධතියක් භාවිතා කෙරේ.
[27] අභ්‍යවකාශ යානාද ඒවාගේ රෝද සඳහා ඝර්ෂනය මුල් කර ගත් තිරිංග පද්ධතියක් යොදා ගනී.
[28] අධි වේගී දුම්රියන් භාවිතා කරනුයේ ඝර්ෂනය රහිත තිරිංග පද්ධතියක්ය.
[29]
අධින වේගයෙන් ගමන් ගන්නා වාහන නැවැත්වීම සඳහා
පැරෂුටි
භාවිතා කෙරේ. ගොඩබිම, අහසේ හා අභ්‍යවකාශයේ ගමන් ගන්නා වාහන වල පැරෂුටි
භාවිතා කරයි. සමහර පැරණි ජෙටි යානා හදිසි ගොඩබෑම් සඳහා පැරෂුටි යොදා ගනී.
[30] බෝටිටු මේ සඳහා මෙවැනිම විශේෂිත වූ උපකරණයක්,
නැංගුරම භාවිතා කරයි.
වැඩිදුර සලකා බැලීමේදී වාහනයක තිරිංග අක්‍රීය වුවහොත් භාවිතයට ගැනීමට
විකල්ප ක්‍රම වාහන වල ඇත.මෝටර් රථ වල නැවතුම් තිරිංග පද්ධතිකේ ඇත. එය
නිර්මාණය කර ඇත්තේ නවත්වා ඇති වාහන වල ආරක්ෂාව සඳහාය. ප්‍රධාන තිරිංග
පද්ධතිය අක්‍රීය වුවහොත් මෙමඟින් යම් දායකත්වයක් දැක්වේ.